හුදෙකලා බිරිඳ

ebook

By Sudharma Balasooriya

cover image of හුදෙකලා බිරිඳ

Sign up to save your library

With an OverDrive account, you can save your favorite libraries for at-a-glance information about availability. Find out more about OverDrive accounts.

   Not today
Libby_app_icon.svg

Find this title in Libby, the library reading app by OverDrive.

app-store-button-en.svg play-store-badge-en.svg
LibbyDevices.png

Search for a digital library with this title

Title found at these libraries:

Loading...

"යුග ගණනාවක් ඉදිරියට ඇදෙනා බිරින්ඳෑවරුන්ගේ ජීවන අරගලයන්හි මා දුටු යම් යම් පැතිකඩයන් එකට එක්කාසු කරමින් මා විසින් ලියන ලද "හුදෙකලා බිරිඳ" නම් වූ මෙම නවකතාව තවත් එක් ප්‍රබන්ධ කතාවකට එහා ගිය යථාර්ථවාදී දැක්මක් යැයි ඔබට සිතුණ හොත් වචන සමගින් මා මේ කළ හරඹය, යම්තාක් දුරට සාර්ථක යැයි සිතිය හැකි වනු ඇත. ඇතැම් විට යම් අයෙකුට මෙය එක්තරා අන්දමක "ස්ත්‍රීවාදී" කතාවක් යැයි කියා ද සිතිය හැකි ය. මාතෘත්වය එසේත් නැතිනම් ස්ත්‍රීත්වය මුල් කොට ගත් ලාංකීය පවුල් පරිසරය තුළ එසේ සිතීමෙහි වරදක් ද නැත.
අපේ ම ජීවිත තුළ නිරන්තරයෙන් අපට මුණගැසෙනා, අප හඳුනා ගන්නා මිනිසුන් අතර ආදරය සොයනා මනුස්සකමින් පිරී ගිය විමුක්ති ප්‍රභාෂ්වරලා ද හැඟීම්වල වහලූන් බවට පත් වී අසරණ ජීවිත කෙළෙසා දමන්නා වූ චමත් අකලංකලා ද හිඳීම නොරහසකි. එසේම ජීවිතයේ විවිධ වූ දුක්ඛදෝමනස්සයන්ට මුහුණ දෙන්නා වූ නදිනි අමායා විජේබණ්ඩාර වැනි හුදෙකලා බිරින්ඳෑවරුන් ද සිටීම අරුමයක් නොවේ. ඒ අතර ම හුදෙකලාව ජීවිත ගෙවාලන මධාරා ආන්ටිලා ද නැතුවා ම නොවේ.
මේ තුළ කොතැනක හෝ ඔබට සමීප තැනක් ඇතැයි මම සිතමි. ඉන් එහා මේ ගැන මම තව තවත් නොලියමි.
කියවන්නටත් සිතන්නටත් කතා කරන්නටත් මම ඔබට ඉඩ තබමි."

හුදෙකලා බිරිඳ